Thursday, September 30, 2010

න්නවද වස්තු..?
තනිකමට මම ඉස්සර හරි ආදරෙයි...
ඒත් ..පුංචි කෙල්ලෙක් ඇවිදින්...
"මම ආදරෙයි" කිව්වම..මගෙ තනිකමට ...
මගෙ පාලු ලෝකෙට මොනවදෝ වුනා වස්තු...
ඒත් ...ආයෙමත් මට ඒ තනිකමට පුරුදු වෙන්න වෙලා...
සමහර දවස් වලට...
campus එකට යද්දි මට මගෙ පුංචි කෙල්ලව මතක් වෙනව...
කොල්ලො කෙල්ලො ආදරෙන් තුරුලු වෙලා ඉන්නවා දකිද්දි...
අපි ආදරේ කරපු හැටි මතක් වෙනව...
ඇස් අගට එන හිතුවක්කාර කඳුලු
මම කොහොම නවත්තන්නද වස්තු...
දවසක් ඔයා කිව්වා...
අපි අපේම ලස්සන පුංචි ලෝකයක් හදාගනිමු කියල...
ඒත් ඒ හීන ලෝකෙම සුනුවිසුනු කරලා
අද ඔයාට ඉන්න පුලුවන්ද වස්තු...
ඇත්තටම පුලුවන්ද..?

No comments:

Post a Comment