Saturday, September 25, 2010


දෛවය මට හැමදාමත් දුන්නෙ
කඳුලු විතරයි..දුකම විතරයි..
එත් ඒ හැම දුකකටම මූණ දෙන්න ..
දෙවියො මට දුන්න තෑග්ග තමයි..ඔයා....
අහිමි වීම් දාහක් මැද ලැබුනු එකම හිමි වීමත් ඔයා....
තාමත් මට අදහන්න බෑ..
දෙවියො කොහොමද ඒ සැනසීමත් උදුරගත්තෙ කියලා..



මතකද.....
එක දවසක් ඔයා කිව්වා ...කවදාවත් ...
කවදාවත් මාව දාල යන්නෑ කියල..
"වස්තු" නැතුව මට හුස්ම ගන්නත් බෑ කිව්වා මතකද...
හැමදාමත් ඔයාගෙ ලගින්ම ඉන්න කිව්වා මතකද....
ඔයාගෙ පුංචි ඇස් දෙකේ ලියවිච්ච ඒ කතාව
මම හැමදාමත් විශ්වාස කලා.....
ඒත් ...කවදාවත් ..කවමදාකවත්
මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ....
මගෙ හැම හුස්මකම හිටපු ඔයා...
ඔයාගෙ "වස්තු" මෙහෙම අසරණ කරයි කියලා
හීනෙකිනවත් හිතුවෙ නෑ....