Saturday, November 20, 2010

හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත්
උඳුවප් මාසෙත් ලං වෙලා වස්තු...
උඳුවප් සීතලයි,,මගෙ ආදරේ දුක හිතෙන මතකයයි... විතරයි  දැන් මගෙ තනියට ඉන්නෙ වස්තු..
ඒත්.. ඒ සීතල මගෙ පපුවට දැනෙන්නෙ නෑ...
තාමත් ...මගෙ පුංචි කෙල්ල මගෙ පපුවෙ ඉන්න හින්දා...
තාමත් ... අපේ ආදරේ මතක සැමරුම් මගෙ පපුවෙ තියෙන හින්දා..
මම දන්නවා.. ආයෙම ඔයා මගෙ ලෝකෙට එන්නෙ නැතිවෙයි..
කවදාවත්ම...
ඒත් ඒ ඇත්ත පිලිගන්න මගෙ හිත ඉඩදෙන්නෙ නෑ වස්තු...

Sunday, October 24, 2010

හැමදේමත් එක්කලා තවත් අවුරුද්දක් ගෙවිලා ගිහින් වස්තු....
මතකද.....
ඔයාගේ උපන් දිනේ දවසෙ මම wish කලාම ඔයා කිව්වා...
ලබන හැම උපන්දිනේකම ලඟින්ම ඉන්න කියලා...
ඔයාට මතකද වස්තු...
අද දවසම මම බලාන හිටියා වස්තු ....
ඇස් රිදෙනකල්ම...
ඒත් ....  ඔයාට  ඒකත් අමතක වෙලා වස්තු....
කියන්න ...එච්චරටම ඔයාට ඔයාගෙ "වස්තු"ව අමතක වෙලාද?? 

Thursday, September 30, 2010

න්නවද වස්තු..?
තනිකමට මම ඉස්සර හරි ආදරෙයි...
ඒත් ..පුංචි කෙල්ලෙක් ඇවිදින්...
"මම ආදරෙයි" කිව්වම..මගෙ තනිකමට ...
මගෙ පාලු ලෝකෙට මොනවදෝ වුනා වස්තු...
ඒත් ...ආයෙමත් මට ඒ තනිකමට පුරුදු වෙන්න වෙලා...
සමහර දවස් වලට...
campus එකට යද්දි මට මගෙ පුංචි කෙල්ලව මතක් වෙනව...
කොල්ලො කෙල්ලො ආදරෙන් තුරුලු වෙලා ඉන්නවා දකිද්දි...
අපි ආදරේ කරපු හැටි මතක් වෙනව...
ඇස් අගට එන හිතුවක්කාර කඳුලු
මම කොහොම නවත්තන්නද වස්තු...
දවසක් ඔයා කිව්වා...
අපි අපේම ලස්සන පුංචි ලෝකයක් හදාගනිමු කියල...
ඒත් ඒ හීන ලෝකෙම සුනුවිසුනු කරලා
අද ඔයාට ඉන්න පුලුවන්ද වස්තු...
ඇත්තටම පුලුවන්ද..?

Wednesday, September 29, 2010

ජීවිතේ, ඉස්සර හුඟක් හීන තිබුනා මතකයි....
ඒ හීන සමහරක් මගේ ම කරගන්න
හුඟාක් දුක් වින්දාත් මතකයි....
ඒත් ..කඳුලු කවදාවත්....
කවමදාකවත් මාව මෙහෙම ඇඬෙව්වෙ නෑ වස්තු...
ඒත් ..ජීවිතේ සුන්දරම හීනේ බොඳ වෙලා ගියාම...
මේ ඇස් දෙක තවත් කොහොම දරාන ඉන්නද වස්තු...
...තාමත් මගෙ හිත විශ්වාස කරන්නෑ ඔයා දැන් මගෙ නෙමෙයි කියලා....
තාමත් මගෙ හීන වල ඉන්නෙ ඔයා විතරයි වස්තු..
මගෙ හිත පුරාම තියෙන්නෙ අපේ ආදරේ මතක සැමරුම් විතරයි වස්තු...
එක පාරක්...එකම එක පාරක් ...
හීනෙන් හරි ඇවිදින් කියන්න ..."මම ආදරෙයි කියල"
මගෙ වස්තු....
මම මුලු ජීවිතේම බලාන ඉන්නම්...

Saturday, September 25, 2010


දෛවය මට හැමදාමත් දුන්නෙ
කඳුලු විතරයි..දුකම විතරයි..
එත් ඒ හැම දුකකටම මූණ දෙන්න ..
දෙවියො මට දුන්න තෑග්ග තමයි..ඔයා....
අහිමි වීම් දාහක් මැද ලැබුනු එකම හිමි වීමත් ඔයා....
තාමත් මට අදහන්න බෑ..
දෙවියො කොහොමද ඒ සැනසීමත් උදුරගත්තෙ කියලා..



මතකද.....
එක දවසක් ඔයා කිව්වා ...කවදාවත් ...
කවදාවත් මාව දාල යන්නෑ කියල..
"වස්තු" නැතුව මට හුස්ම ගන්නත් බෑ කිව්වා මතකද...
හැමදාමත් ඔයාගෙ ලගින්ම ඉන්න කිව්වා මතකද....
ඔයාගෙ පුංචි ඇස් දෙකේ ලියවිච්ච ඒ කතාව
මම හැමදාමත් විශ්වාස කලා.....
ඒත් ...කවදාවත් ..කවමදාකවත්
මෙහෙම වෙයි කියලා හිතුවෙ නෑ....
මගෙ හැම හුස්මකම හිටපු ඔයා...
ඔයාගෙ "වස්තු" මෙහෙම අසරණ කරයි කියලා
හීනෙකිනවත් හිතුවෙ නෑ....