Thursday, September 30, 2010

න්නවද වස්තු..?
තනිකමට මම ඉස්සර හරි ආදරෙයි...
ඒත් ..පුංචි කෙල්ලෙක් ඇවිදින්...
"මම ආදරෙයි" කිව්වම..මගෙ තනිකමට ...
මගෙ පාලු ලෝකෙට මොනවදෝ වුනා වස්තු...
ඒත් ...ආයෙමත් මට ඒ තනිකමට පුරුදු වෙන්න වෙලා...
සමහර දවස් වලට...
campus එකට යද්දි මට මගෙ පුංචි කෙල්ලව මතක් වෙනව...
කොල්ලො කෙල්ලො ආදරෙන් තුරුලු වෙලා ඉන්නවා දකිද්දි...
අපි ආදරේ කරපු හැටි මතක් වෙනව...
ඇස් අගට එන හිතුවක්කාර කඳුලු
මම කොහොම නවත්තන්නද වස්තු...
දවසක් ඔයා කිව්වා...
අපි අපේම ලස්සන පුංචි ලෝකයක් හදාගනිමු කියල...
ඒත් ඒ හීන ලෝකෙම සුනුවිසුනු කරලා
අද ඔයාට ඉන්න පුලුවන්ද වස්තු...
ඇත්තටම පුලුවන්ද..?

Wednesday, September 29, 2010

ජීවිතේ, ඉස්සර හුඟක් හීන තිබුනා මතකයි....
ඒ හීන සමහරක් මගේ ම කරගන්න
හුඟාක් දුක් වින්දාත් මතකයි....
ඒත් ..කඳුලු කවදාවත්....
කවමදාකවත් මාව මෙහෙම ඇඬෙව්වෙ නෑ වස්තු...
ඒත් ..ජීවිතේ සුන්දරම හීනේ බොඳ වෙලා ගියාම...
මේ ඇස් දෙක තවත් කොහොම දරාන ඉන්නද වස්තු...
...තාමත් මගෙ හිත විශ්වාස කරන්නෑ ඔයා දැන් මගෙ නෙමෙයි කියලා....
තාමත් මගෙ හීන වල ඉන්නෙ ඔයා විතරයි වස්තු..
මගෙ හිත පුරාම තියෙන්නෙ අපේ ආදරේ මතක සැමරුම් විතරයි වස්තු...
එක පාරක්...එකම එක පාරක් ...
හීනෙන් හරි ඇවිදින් කියන්න ..."මම ආදරෙයි කියල"
මගෙ වස්තු....
මම මුලු ජීවිතේම බලාන ඉන්නම්...